වායු ගුණාත්මකභාවය හඳුනා ගන්න වෙබ් අඩවියක්

වායු ගුණාත්මකභාවය හඳුනා ගැනීමේ ජාතික වෙබ් අඩවියක් - මධ්‍යම පරිසර අධිකාරිය

by Staff writer 07-09-2025 | 8:20 AM

COLOMBO (News 1st) - වායුගෝලයේ ගුණාත්මකභාවය හඳුනා ගැනීමේ ජාතික වෙබ් අඩවියක් හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ, අදට යෙදෙන ජාත්‍යන්තර නිල් අහස් දිනයට සමගාමීවයි.

වායු ගුණාත්මකභාවය පිළිබඳ දැනගැනීමට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය තහවුරු කරමින් එය හඳුන්වා දෙන බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ ය.