දකුණු පළාතෙන් 600Kgකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්

අද දවසේ දකුණු පළාතෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය 600Kg කට අධිකයි - මහජන ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 22-09-2025 | 6:05 PM

COLOMBO (News 1st) - අද දිනය තුළ දකුණු පළාතෙන්  600Kg කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සැකසහිත ලෙස පුද්ගලයින් තිදෙනෙකු මියයාම හේතුවන් සිදුකළ විමර්ශණ අතරතුර සිනිමෝදර සහ ගිනිගල්කන්ද යන ප්‍රදේශවල කළ මෙහහුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණිනි.

අද දිනය තුළ දකුණු පළාතෙන්  600Kg කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සැකසහිත ලෙස පුද්ගලයින් තිදෙනෙකු මියයාම හේතුවන් සිදුකළ විමර්ශණ අතරතුර සිනිමෝදර සහ ගිනිගල්කන්ද යන ප්‍රදේශවල කළ මෙහහුම්වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණිනි.

තංගල්ල හා වැලිගම ආශ්‍රිතව සිද්දි 4 ක් වාර්තා වේ.

තංගල්ල සීනිමෝදරින් තව සිද්ධියක් වාර්තා වේ.

ඊයේ(21) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති මෙම නිවසේ තාප්පය ඉදිකරන ලද තිදෙනෙකු රෝගී වී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

ඉන් පසුව පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී නිවසෙහි නවතා තිබූ ලොරියක් තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක 200Kgකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

එම සිදුවීම අතරතුර මෙම නිවසට 6km ක් පමණ දුරින් කොමඩු පටවන ලද තවත් ලොරියක් පරීක්ෂා කිරීමේදී එහි තිබී හොරොයින් සහ අයිස් බවට සැක 200Kgකට වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය සමග ගිනි අවි ද කිහිපයක් සොයා ගැනීමට පොලීසිය සමති වී තිබේ.