මත්ද්‍රව්‍ය ජාවාරම් දැනුම් දීමට දුරකතන අංකයක්

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් දැනුම් දීමට දුරකතන අංකයක්

by Staff writer 22-09-2025 | 6:24 PM

COLOMBO (News 1st) -  දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ඡාවාරම පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ජනතාවට දැනුම් දෙනු ලබයි.

ඔහු නිවුස්ෆස්ට් වෙත අදහස් දක්මින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ  071 - 859 19 92 අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසය.

තංගල්ල ප්‍රදේශයේ දී අයිස් සහ හෙරොයින් සමග පොලිසිය භාරයට ගත් ලොරියේ තිබී නවීන රිවෝල්වර 05ක් සහ T56 ගිනි අවියක් අද (22) දහවල් සොයා ගැනුණි.

ලොරියේ තිබී අයිස් සහ හොරොයින් මත්ද්‍රව්‍ය 200kg කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරන ලදි.

මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ අතර, අද පෙරවරුවේ පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැණුනු තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය 200kg කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

එම නිවසේ තිබී අද පෙරවරුවේ එවැනි ද්‍රව්‍ය 10kg ක්ද සොයා ගෙන ඇත.