කාන්තා ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්ථාන තරගය අද.

කාන්තා ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්ථාන තීරණාත්මක තරගය අද.

by Staff writer 05-10-2025 | 8:53 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද(05) පැවැත්වේ.

ඒ, ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් අතරයි.

හර්මන් ප්‍රීත් කෞර් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, ෆාතිමා සානායි.

අවසන් වරට ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් දෙක හමු වු අවස්ථාවේ ජය ගෙන තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමයි.

ඉන්දීය කණ්ඩායම, පකිස්තානයට එරෙහි තරග 11 ක්, අඛණ්ඩව ජයග්‍රහණය කර තිබේ.

විචාරකයින් පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පැවැති තරග වලට වඩා අද තරගය උණූසුම් වනු ඇති බවයි.

ඊට හේතුව මේ දිනවල ඉන්දියාව සහ පකිස්ථානය අතර තිබෙන දේශපාලන මතභේදාත්මක තත්ත්වය, ක්‍රීඩාව තුළට ද පැමිණීම බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද(05) තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමි වේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකියි.