කාන්තා ලෝක කුසලාන නවසීලන්ත- දකුණු අප්‍රිකා තරගය අද

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්ත - දකුණු අප්‍රිකා තරගය අද..

by Staff writer 06-10-2025 | 8:38 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

ඉන්දියාවේ ඉන්දෝර්හිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ පකිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 88 කින් ජය ගත්හ.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.

කාසියේ වාසිය උරඟා බැලීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ නායිකාවන් දෙදෙනා අතට අත ලබා දුන්නේ නැහැ.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 247ක්.

ලකුණු 248ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කාන්තා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 159ක් පමණයි.

තරගයෙන් පසුවත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් අතට අත ලබා දීම සිදු කළේ නැහැ.

ඒ අනුව පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව මෙතෙක් ක්‍රීඩා කර තිබෙන එක්දින ක්‍රිකට් තරග 12ම ජයගෙන තිබෙන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දීය කාන්තා කණ්ඩායම තරගාවලි ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබීමත් විශේෂත්වයක්.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමි ව තිබේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකියි.