.webp)
පොලීසිය සදහන් කළේ, විහාරස්ථානයේ සිල් සමාදන් වූ කාන්තාවන් පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
ඔවුන් විහාරස්ථානයේ සිට වැසිකිළි යාම සදහා මාර්ගයේ අනෙක් පසට පාර මාරුවීමට යාමේදී අනතුර සිදුව තිබුණි.
අදාළ මෝටර් රථය කාන්තාවන් යටකරගෙන ගොස්, ලොරියක ගැටී, අනතුරුව තාප්පයක ද ගැටී ඇතැයි පොලීසිය සදහන් කළේ ය.
මියගොස් ඇත්තේ, අවුරුදු 70 සහ 67 යන වයස්වල පසුවන තුන්දෙනෙකි.
තුවාල ලැබූ 56 හැවිරිදි කාන්තාව, ගම්පොළ රෝහලේ ප්රතිකාර ලබයි.
මෝටර් රථය පැදවූ කාන්තාව ද තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සදහන් කළේ ය.