.webp)
COLOMBO (News 1st) - කඩවත පහළ බියන්වලදි සොයා ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 17කට අධික ප්‍රමාණය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රසල් නැමැත්තාට අයත් බවට පොලීසිය සැක පල කරයි.
එම මත්ද්‍රව්‍ය අතරට හෙරොයින් කිලෝග්‍රැම් 12කට අධික ප්‍රමාණයක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැමයකට අධික ප්‍රමාණයක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2යි ග්‍රැම් 300 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2කට අධික ප්‍රමාණයක් ඇතුළත්.
රසල් නැමැත්තා ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි බිනුර සෙනරත් මහතා සඳහන් කළේ ය.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.