ඉෂාරා ඇතුළු සැකකරුවන් 4ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දි , ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර..

by Staff writer 16-10-2025 | 4:30 PM

COLOMBO( NEWS1ST ) - 

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු, පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

ඒ, අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

එලෙස රැඳවුම් නියෝග ගත් සෙසු සැකකරුවන් වන්නේ, ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි නමැත්තන් ය.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී  පසුගිය පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණ.

විමර්ශන වලදී අනාවරණය වුණේ, වෙඩික්කරුට ගිනි අවිය දී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවයි.