.webp)
2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර හෙට සහ අනිද්දා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙයි.
රටවල් 15කින් ඊට එක්වන කාන්තා සහ පිරිමි කණ්ඩායම් ගණන 24කි.
තරගාවලියේ පළමු අදියර චීනයේදී පසුගිය මාසයේ පැවැත්විය.
2017 වසරට පසුව ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ අදියරක් මෙරටදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙරට රග්බි ක්‍රීඩාවේ වර්ධනයට සහ මෙරට රග්බි ප්‍රේක්ෂකයන්ට වැදගත් අවස්ථාවක් වනු ඇති.
කොළඹ බ්‍රේබෘක් පෙදෙස පිහිටි සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථානයේ තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රහය සඳහා ගිවිසුම්ගත වූ අවස්ථාවට ආසියානු රග්බි ආයතනයේ, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සහ සිරස මාධ්‍ය ජාලයේ ඉහළ නිලධාරීන් සහභාගී වුණා.
එම උත්සවය පැවැත්වුණේ, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
සිරස මාධ්‍ය ජාලයේ ඉහළ නිලධාරීන් MBC ප්‍රධාන මෙහෙයුම් නිලධාරි බුද්ධි වික්‍රමනායක, යස් එෆ්.එම් නාලිකා ප්‍රධානි මනිලාල් ප්‍රනාන්දු, එම්.බී.සී නෙට්වර්ක්ස්හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ සජිත් රත්නායක යන මහත්වරුන් ඊට සහභාගී විය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් ධලායි, ශ්‍රී ලංකා රග්බි සංගමය නියෝජනය කරමින් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලි අධ්‍යක්ෂ හසන් සිංහවංශ, තරගාවලි කමිටු සභාපති නලින් ද සිල්වා තරගාවලි මාධ්‍ය සම්බන්ධීකාරක රවීන් ද සිල්වා සහ සංවිධායක කමිටුවේ රොමාරියෝ ද සිල්වා යන මහත්වරුන් ඊට එක් විය.
කයිස් අල් ධලයි - සභාපති
ආසියානු රග්බි සංගමය
''ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය වට දෙකකින් සමන්විත වෙනවා. පළමුවැන්න චීනයේ හන්සුර්හීදී පැවැත්වුණා. ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් වටය මේක තමයි . විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් ඉන්නවා කොළඹ අදියරට . රටේ දෙවැනි විශාලතම ක්‍රීඩාව රග්බි . එය මීට වසර 100කට වඩා පැරණියි. බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ක්‍රිකට් අභිබවා යයි කියලා. අද ශ්‍රී ලංකාවේ සිටීම ගැන අපි ගොඩක් සතුටුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉරිදා සවස් භාගයේදී මෙම තරගාවලියේ ශූරයන්ට සුබ පතන්න''
නලින් ද සිල්වා - තරගාවලි කමිටු සභාපති
ආසියානු සත් සාමාජික රග්බි - ශ්‍රී ලංකා අදියර
''මහාරාජා මීඩියා එක අපිත් එක්ක එකතු වෙලා ලොකු වැඩසටහනක් ගෙනියනවා. රටේ සහ මුළු ලෝකයේම මේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට ආසියානු රග්බි සංගමයට මම ස්තුති වන්ත වෙනවා, මෙම අවස්ථාව අපිට උදා කරලා දුන්නට. අපි ලොකු වලාකුලක් හරහා ගියේ. අපේ ක්‍රීඩකයෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නිළධාරීන් ලංකාව උඩට ගෙනත් තියනවා. දැනට අපි හතරවෙනි ස්ථානයේ ඉන්නවා ආසියාවේ. ආසියාවේ අපි එක්කෝ දෙක නැත්තං එකට අපි එනවා. ඒක මට සක්සුදක්සේ පැහැදිලියි''
හසන් සිංහවංශ - තරගාවලි අධ්‍යක්ෂ
ආසියානු සත් සාමාජික රග්බි - ශ්‍රී ලංකා අදියර
''අපිට මේක විශේෂයි ශ්‍රී ලංකා රග්බි අවුරුදු 3ක තහනමක හිටියේ. දැන් සංගමය පවිත්‍ර ප්‍රනාන්දු හරහා පත් වෙලා තියනවා . ඒ ටීම් එක ශනිත ප්‍රනාන්දු උප සභාපති එයාලා එක්ක එකතු වෙලා මේ ටුනමන්ට් එක සාර්ථකව කරන්න තමයි බලන්නේ. මේක ප්‍රේක්ෂකයන්ටය නොමිලේ බලන්න දීලා තියෙන්නේ හේතුව ශ්‍රී ලංකා රග්බි එක උඩට යන්න සපෝර්ට් කරන්න අපි සල්ලි නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රේක්ෂකයෝ අඩගහලා මේ ගේම් එක උතුර ඉදලා දකුණු වෙනකම් ව්‍යාප්ත කරන්න විශේෂයෙන්ම කාන්තා රග්බි සහ පාසල් රග්බි''
ලෝක මට්ටමේ රග්බි ක්‍රීඩාව කොළඹට නැවත පැමිණීමත් සමග උද්යෝගී සහ විචිත්‍රවත් අත්දැකීමක් ඉහළ මට්ටමෙන් ක්‍රීඩා ලෝලීන්ට තිළිණ කිරීම සිරස මාධ්‍ය ජාලයේ අරමුණයි.