විශ්වවිද්‍යාලවල පවතින ගැටලු ගැන ජනපති අනුර කියූ දේ

විශ්වවිද්‍යාලවල පවතින ගැටලු ගැන ජනපති අනුර කියූ දේ...

by Staff writer 20-10-2025 | 7:48 PM

COLOMBO(News1st) - විශ්වවිද්‍යාලවල පවතින ගැටලු විසඳීම සදහා සුදුසු සැලසුමක් සකස් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ඒ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග අද(20) පැවති හමුවකදීයී.

අදාළ සැලසුම සකස් කිරීම සදහා අවශ්‍ය පහසුකම් රජයෙන් සළසා දෙන බව ද, ජනාධිපතිවරයා සදහන් කළේ ය.

උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීම, ගොඩගැසී ඇති කාර්යන්, කාර්යක්ෂම ඉටු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම යන කරුණු ඇතුළත්ව අදාළ සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.