ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලෙන් නෙරපා හැරේ..

ඇන්ඩෘ කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලෙන් නෙරපා හැරේ..

by Staff writer 31-10-2025 | 6:37 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු තම බාල සොහොයුරු ඇන්ඩෘ කුමරු රජ පවුලෙන් ඉවත් කර තිබේ.

ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීයයන් වෙසෙන වින්ඩ්සර් මාලිගයෙන්ද නෙරපා හැරීමට තීරණය කර ඇති බව බකිංහැම් මාලිගය සඳහන් කළේ ය.

ඒ ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

රාජකීයයන්ගෙන් ඔහු ඈත් කර තැබීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

චාල්ස් රජුගේ බාල සහෝදරයා මෙන්ම අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන ඇන්ඩෘ මේ වන විට 65 වන වියේ පසුවේ.

සියලු තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙස හඳුන්වනු ඇත.