දුම්රිය දෙ. හිටපු සාමාන්‍යාධිකාරී ඇප මත මුදා හැරේ.

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂට ඇප..

by Staff writer 03-11-2025 | 6:18 PM

COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුමතිපාල මහානාම අබේවික්‍රම මහතා හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක මහතා ඇප මත මුදාහැරුණි.

ඒ සැකකරුවන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන්  අද අත්අඩංගුවට ගැණුනේ, දූෂණ චෝදනා යටතේය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාහ මහතා අත්අඩංගුවට පත් වුණේ, දෙපාර්තමේන්තුවේ රියදුරෙකු වශයෙන් කටයුතු කල අයි.එල්.කේ. දිසානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ විනය පරීක්ෂණයකින් වැරදිකරු වූ පසුව ද ඔහු සේවයේ රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මේ අතර නියමිත ක්‍රමවේදය අනුගමණය නොකොට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් දාසය ලක්ෂ හැට හත් දහස් දෙසීය අනූ හතරයි සත අසූ හතක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදු කිරීම ද ඔහුට එල්ල වූ චෝදනා අතරට ඇතුළත් වේ.