කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩගුවට

කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී වලාන, මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩගුවට

by Staff writer 04-11-2025 | 6:02 PM

COLOMBO (News1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී  වලාන, මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ලාගෝස්වත්ත, කිතුලාව ප්‍රදේශයේදී 36 හැවිරිදි පලාතොට මධූ නැමැති කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රැම් 490ක් සහ හෙරොයින් ග්‍රෑම් 301යි ග්‍රෑම් 580ක් සමග අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් එක් ලක්ෂ තිස් එක් දහසක මුදලක් ද ඇය සන්තකයේ තිබී පොලීසිය භාරයට ගෙන තිබේ.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 740ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු කුඩු සලිඳුගේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය බෙදාහරින්නා වන බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්පාන දියගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ලහිරු කුමාර නොහොත් චූටි නැමැත්තායි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශනය සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.