.webp)

COLOMBO (News 1st) - විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන තම්මිට අවිශ්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 170ක් සොයා ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය.
සැකකරු කෙහෙල්බද්දර පද්මේ හා තම්මික අවිශ්කගේ උපදෙස් මත විවිධ අවස්ථාවලදී සංවිධානාත්මක අපරධ කටයුතු සඳහා අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණවී ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන ලදි.
පොලීසිය පැවසුවේ සැකකරු එම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණවී ඇති බවය.
