සම්පත් මනම්පේරිගේ වාහන 3ක් පොලිස් භාරයට

සම්පත් මනම්පේරිගේ වාහන 3ක් මිද්දෙණියේදි පොලිස් භාරයට

by Staff writer 08-11-2025 | 7:29 PM

COLOMBO(News1st) - රැදවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් වාහන 3ක් අද(08) උදෑසන මිද්දෙණියේදි පොලිස් භාරයට ගැණුනි.

ඒ , කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිළධාරින් පිරිසක් කළ මෙහෙයුමකින් ය.

පොලීසිය පැවසුවේ, මගී ප්‍රවාහන බස් රථයක් , කැබ් රථයක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් සිය භාරයට ගත් බවයි.

අදාළ කැබ් රථය ගංජා ප්‍රවාහනයට යොදා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මිද්දෙණිය - කොළඹ මගී ප්‍රවාහන කටයුතු සඳහා බස් රථය යොදවා තිබේන අතර පොලීසිය පැවසුවේ, සම්පත් මනම්පේරි නැමැත්තාගෙන් ලබා ගත් තොරතුරු මත එම වාහන සිය භාරයට ගත් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  සම්පත් මනම්පේරි මේ වනවිට දින 90ක රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ.

ඒ , මිද්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ය.

වෙනත් ලිපි