කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි

කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි..

by Staff writer 20-11-2025 | 5:55 PM

COLOMBO(News1st) - කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගු කර තිබේ.

ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ය.

ඒ හේතුවෙන් ඊයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද, අවලංගු කෙරිණ.

මෙතෙක් මාර්ගය යථා තත්වයට පත් කර නොමැති බව, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ, නානුඔය දක්වා පමණයි.