මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

by Staff writer 08-01-2026 | 10:04 AM

COLOMBO(News1st) - අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ග්‍රැනයිට් පිරවූ ලෝරි රථයක් දුම්රිය මාර්ගය මත සිරවීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ලෝරි රථය දුම්රිය මාර්ගය දෙසට පසුපසට ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය මාර්ගය තුළ එය සිරවී ඇති බවයි

ඒ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන සියලුම කාර්යාල දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ලෝරි රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.