.webp)
-608189.jpg)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට සිදුවන බලපෑම තවදුරටත් අවම වෙමින් පවතින බවයි.
මේ අතර උතුරු, උතුරු මැද ඌව හා නැගෙනහිර පළාත් වලට වැසි ස්වල්පයක් ඇති විය හැකි වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
