මෝදර ව්‍යාපාරිකයා ඝාතනයට පැමිණි 3ක් රිමාන්ඩ්

මෝදර ව්‍යාපාරිකයා ඝාතනයට පැමිණි සැකකරුවන් තුන් දෙනෙකු රිමාන්ඩ්. වෙඩික්කරුට පැය 72ක රැදවුම් නියෝග. - පොලීසිය

by Staff writer 11-01-2026 | 7:39 AM

COLOMBO(News1st) - මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු දින 7 ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් ගමන්ගත් යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේ ය.

ඒ , ලද තොරතුරක් මත මෝදර ප්‍රදේශයේ කල පරික්ෂාවකදියි.

මේ අතර වෙඩික්කරු වශයෙන් ක්‍රියා කිරීමට සිටි පුද්ගලයා පැය 72 ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමටද අවසර ලබාදී තිබේ.

වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරු 35 හැවිදිරි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු යුධ හමුදාවේ සේවය කර පලා ගිය අයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර තවත් සැකකරුවෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

කෙසේ වෙතත් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය ප්‍රකාශ කළේ ය