.webp)
-608305.jpg)
COLOMBO (News 1st) - මුන්දලම, නාන්දාන්කුලම් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද උදෑසන 6.20 ට පමණ අනතුර සිදුව තිබුණි.
මීගමුව සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබු මෝටර් රථයක් පුත්තලම දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුරින් මිය ගියේ , මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනායි.
ඔවුන් 29,50 සහ 60 වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
අනතුරින් තුවාල ලැබුවේ , වෑන් රථයේ සිටි පුද්ගලයින් 5 දෙනෙක් සහ මෝටර් රථයේ සිටි එක් පුද්ගලයෙකි.
ඔවුන් මුන්දලම රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
