19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් සටන අදින් ඇරඹේ...

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් සටන අදින් ඇරඹේ...

by Staff writer 15-01-2026 | 9:59 AM

COLOMBO (News 1st) - 2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(15) ආරම්භ වේ.

තරගාවලිය පැවැත්වෙන්නේ නැමීබියාවේදී සහ සිම්බාබ්වේහිදී.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ A කාණ්ඩයෙනි.

එම කාණ්ඩයේ ක්‍රීඩා කරන අනෙක් රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජපානයයි.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ලබන 17 වැනිදා ජපානය සමග නැමීබියාවේ වින්ඩ්හෝක්හීදී පැවැත්වේ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

අමෙරිකා සහ ඉන්දීය කණ්ඩායම් අතරත්, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතරත්, ටැන්සානියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරත් එම තරග පැවැත්වේ.

තරග සියල්ල මෙරට වෙලාවෙන් අද පස්වරු 1.00 ආරම්භ වීමට නියමිතයි.