මහින්දානන්ද,දුමින්ද සිල්වා සිටි වාට්ටුවෙන් හමුවූදේ

මහින්දානන්ද, දුමින්ද සිල්වා ඇතුළු පිරිස රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගනී

by Staff writer 17-01-2026 | 10:53 PM

COLOMBO(News1st) - හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබේ.

ඒ , සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.

එම වාට්ටුවේ මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , නලීන් ප්‍රනාන්දු , එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ස්මාර්ට් ජංගම දුරකථන , දුරකථන චාඡර් , ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් ය.

ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.