.webp)
-609327.jpg)
එහි ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන අද (28) පැවැත්වුණි.
Karma Fight League සටන් කලා තරගාවලිය මෙවර පැවැත්වන්නේ 7 වැනි වරටයි.
MBC - MTV මාධ්‍ය ජාලය ඊට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ තෙවැනිවරටයි.
කොළඹදී අද පැවැති වැඩසටහනට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, MBC ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බුද්ධි වික්‍රමනායක, YES FM නාලිකා ප්‍රධානි මනිලාල් ප්‍රනාන්දු සහ KFL තරගාවලි සංවිධායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන එම්.ටී.වී - එම්.බී.සී මාධ්‍ය ජාලය මෙම සටන් කලා තරගාවලියට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැගී එන ක්‍රීඩාවක ප්‍රවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමටයි.
කරාතේ, මුයිතායි, බොක්සිං, කික් බොක්සිං සහ බ්‍රසීලයේ ජියු ජිට්සු වැනි සටන් රැසක් KFL තරග සඳහා ඇතුළත්.
ඉන්දියාව, නේපාලය, තායිලන්තය, ඉරානය, ජර්මනිය සහ අමෙරිකාව වැනි රටවල් රැසක මේ වන විට මෙම ඉසව්ව ඉතා ජනප්‍රිය වී ඇත.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට යස් YES FM මගින් විශේෂ සම්මානයක්ද ප්‍රදානය කිරීමට සැලසුම්කර තිබේ.
මෙවර Karma Fight League සටන් කලා තරගාවලිය අනිද්දා (30) කොළඹදී පැවැත්වීමට නියමිතයි.
