MRS. WORLD - ලංකාවේ සබීනාට තුන්වැනි ස්ථානය

2025 විවාහක ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට. ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ්ට තුන්වැනි ස්ථානය

by Staff writer 30-01-2026 | 4:30 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ්, 2025 ලෝක විවාහක රෑ රැජින තරගයේ තෙවන ස්ථානය දිනාගත්තේ ය.

අවසන් මහා තරගය අද පැවැත්වුණේ ඇමරිකාවේ ලාස් වේගාස්හිදී ය.

ලෝකයේ ප්‍රසිද්ධම, දිගු ඉතිහාසයක් තියෙන ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගයකි. 

මේ සඳහා 60කට අධික රටවල් ප්‍රමාණයක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී විය.

ශ්‍රී ලංකාවෙන් සහභාගි වුණේ සබීනා යූසෆ්..

ලෝක විවාහක රූ රැජින බවට පත් වුණේ තායිලන්තලයේ චනීතා සීඩාකෙත් ක්‍රේතෝන් ය.

දෙවැන්නිය, ඇමරිකාවේ පේජ් එවින්ග් ය.

තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ්ට ය.

ෆොටෝජෙනික් අංශයෙන් රටවල් 60 ක් පරදවා පළමු තැන දිනාගත්තේ ය.