නවම් පුර පසළොස්වක පොහොය අදයි..

නවම් පුර පසළොස්වක පොහොය අදයි..

by Staff writer 01-02-2026 | 8:13 AM

COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පිංකම් සංවිධාන කර ඇත්තේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ය.

නවම් පොහෝ දා සිරසා නමාමි වැඩසටහන අද දවස පුරා ඓතිහාසික ඇඹිලිපිටිය සංඛපාල පුරාණ මහා විහාරස්ථානයේදී පැවැත්වෙයි.

ඒ , සිරස TV හා සිරස FM සමගාමී විකාශයක් ලෙසින් ය.