නිදහස් සැමරුම හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් සැමරුම හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

by Staff writer 04-02-2026 | 7:00 AM

COLOMBO (News 1st) - 78 වැනි නිදහස් දින ප්‍රධාන සැමරුම හේතුවෙන් අද අලුයම සිට කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ග රැසක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, අද අලුයම 3.00 සිට නිදහස් උත්සවය අවසන් වන තෙක් එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට රථවාහන ඇතුළු කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි.