ස්පාඤ්ඤයත් සමාජ මාධ්‍ය තහනමක් ගැන කියයි..

ස්පාඤ්ඤයත් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලසුමක..

by Staff writer 04-02-2026 | 7:42 AM

COLOMBO (News 1st) - ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට සූදානම් වෙයි. 

ඒ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන අපරාධ නැවැත්වීමේ අරමුණින් ය.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් විසින් ඊයේ ඩුබායිහීදි පැවැති ආණ්ඩු සමුළුවේදී මේ පිළිබඳව නිවේදනය කළේ ය.

ඔහු පැවසුවේ මෙය තවමත් යෝජනාවක් බවත් ඉදිරියේදී මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් ගෙන ආ ලොව පළමු රට බවට පත් වුණේ ඕස්ට්‍රේලියාවයි.

ඉන් පසුව ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාවත් වෙන් වෙන්ම තමන්ගේ රටට අදාළ වයස් සීමාවන් සලකා බලන බවට නිවේදනය කර තිබේ.