අගමැතිගේ නිදහස් දින පණිවිඩය..

මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, කුසලතා පූර්ණ, බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වනවිට රජය ආරම්භ කර තිබේ - අගමැතිගේ නිදහස් දින පණිවිඩය..

by Staff writer 04-02-2026 | 6:57 AM

COLOMBO (News 1st) - නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ, මානුෂීය ගුණාංගවලින් පිරිපුන්,  කුසලතා පූර්ණ, බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වනවිට රජය ආරම්භ කර ඇති බවයි.

සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමුහිකවත් සැමගේ දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළැඹ ඇති බවද ඇය පෙන්වා දෙයි.

සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් හරහා දේශපාලනය හා දේශපාලඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

සිය නිදහස් දින පණිවිඩයෙන් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ , ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවයෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස ජනතාව මෙහෙයවීම,  ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පරමාර්ථ ඉටුකර ගැනීමට කැපවී සිටින බවයි.