ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

by Staff writer 06-02-2026 | 7:13 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවිය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ, ගැඹුරු බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ වර්ධන අවස්ථා හා සමාජ සුභසාධන මුලපිරීම් පිළිබඳව සාකච්ඡා කල බවයි.

ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ සැබෑ සහ විශ්වාසදායක සහකරුවෙකු ලෙස සිටිනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

අන්තර් සමාගම් සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලන්කුමරන්, කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ සහ පක්ෂයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනීද ටිල්වින් සිල්වා සමග මෙම හමුවට එක්ව සිටී.