.webp)
-609716.jpg)
ඕස්ට්‍රේලියානු පවුලක් විනෝදය උදෙසා නොගැඹුරු මුහුදු තීරයේ පදවමින් සිටි පැඩල්බෝඩ් සහ කයාක් බෝට්ටු දරුණු අනතුරකට මුහුණ දුන් අවස්ථාවක, තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ සුපිරි වීර පුතෙකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයෙන් පසුගිය සිකුරාදා වාර්තා වෙනවා.
හදිසියේ ඉහළ ගිය සුළං වේගය හමුවේ නොගැඹුරු මුහුදු තීරයේ ඔවුන් ගමන් කළ බෝට්ටු වෙරළෙන් ඔබ්බට ගැඹුරු මුහුද දෙසට ගසාගෙන ගොස් තිබේ.
පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් තම මව සහ සහෝදර සහෝදරියන් බේරා ගැනීම සඳහා, කිලෝමීටර හතරක් නොනවත්වා මුහුදේ පිහිනූ ඔස්ටින් ඇපල්බී (Austin Appelbee) නමැති 13 හැවිරිදි දරුවා පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නාවික සැතපුම් දෙකක දුරක් නොනවත්වා පැය හතරක් පිහිනිමෙන් පසු වෙරළට පැමිණි ඔස්ටින්, වහාම සහන කණ්ඩායම් දැනුවත් කර රාත්‍රියේ මුහුද මැද අතරමංව සිටි තම පවුලේ පිරිස බේරා ගැනීමට සමත් විය.
විදෙස් මාධ්‍ය හමුවේ මෙම කුඩා වීරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මම වීරයෙක් කියලා හිතන්නේ නැහැ. මම කළේ ඒ වෙලාවේ කළ යුතු දේ විතරයි,”
