by Staff writer 09-02-2026 | 6:50 PM
COLOMBO(News1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි තවත් නඩු විභාගයක් මාර්තු 14 කැඳවීමට දින නියම වෙයි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 1,000,000ට ආසන්න මුදලක්
වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව නඩුව ගොනු කර තිබේ.