.webp)
-609947.jpg)
Colomb(News 1st): පාකිස්ථාන අගමැති මොහම්මඩ් ශෙහ්බාස් ශරීෆ් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
ඒ, මේ වනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මෙරටදී පැවැත්වීමට නියමිත පාකිස්ථාන – ඉන්දියා තරගය සම්බන්ධයෙන්.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම ඉතා සුහදශීලි ලෙස පිළිගත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, ඉන්දියාව සමග මෙරටදී පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දු - පාකිස්ථාන තරගය ලබන 15 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගයට ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ආරක්ෂක හේතුන් නිසා වසර ගණනාවක් පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැමිණීම නවතා තිබූ සමයේ, ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය අවලංගු නොකර පාකිස්ථානයට ගමන් කළ අමතක නොවන සංචිරය පිළිබඳව ද විශේෂයෙන් ප්‍රශංසා කර තිබෙනවා.
