.webp)
-610024.jpg)
2022 මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලය පැවති දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ජයන්ත ගුණවර්ධන යන අයට සිදු කළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනෙකුට නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ගම්පහ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, විත්තිකරුවන් 16 දෙනෙකු චෝදනාවන්ට වරදකරුවන් කරමින් ඉන් විත්තිකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
නඩුවේ විත්තිකරුවන් 23 දෙනෙකු නඩුවෙන් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් හට තවත් විත්තිකරුවන් 04 දෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් නියම කෙරුණි.
