රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා අනුමැතිය ඉහළට..

2026 පෙබරවාරි වන විට රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා අනුමැතිය 65% ක් දක්වා ඉහළට..

by Staff writer 15-02-2026 | 5:51 PM

COLOMBO (News 1st) - මේ වසරේ පෙබරවාරි වනවිට රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතා අනුමැතිය  65% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය හෙළි කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, එය පසුගිය වසරේ 62% ක් ලෙස සටහන් වූ බවයි.

පෙර පැවති රජයන්ට සාපේක්ෂව වත්මන් රජය මත්ද්‍රව්‍ය හා අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් ඉතා ඉහළ ධනාත්මක ඇගයීමක් ලබා ඇති බවයි.

එමෙන්ම දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පවතින ඇගයීමත් ඉහළ ගොස් තිබේ.

ජනතාවගෙන් බහුතරයක් එනම් සියයට 59 ක් වත්මන් රට කටයුතු සිදුවන ආකාරය පිළිබද තෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ.

එය වසර හතරක මත විමසුම් ඉතිහාසයේ රට තුළ ජනතාවගේ තෘප්තිය 50% ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.