.webp)
-610283.jpg)
COLOMBO(News1st) - 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 8කින් අද ජය ගත්තා.
ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181ක්.
නායක මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් අර්ධ ශතක රැස් කළා.
දුෂාන් හේමන්ත කඩුලු 3යි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළා.
පැතුම් නිස්සංක නොදැවී ශතකයක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18කදී කඩුලු 2ක් දැවී සිටියදීයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
