.webp)
-573134-610339.jpg)
COLOMBO (News 1st) - අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරා ගන්නා නිර්නායක සංශෝධනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ එමගින් දැනට පවතින තෝරා ගැනීමේ නිර්ණායකවල අඩුපාඩු නිවැරදි කර යළි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඉන් අනතුරුව යළිත් වරක් ප්‍රතිලාභීන් එම නිර්ණායක මත පදනම්ව තෝරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
