පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

by Staff writer 18-02-2026 | 7:49 AM

COLOMBO (News 1st) - උතුර , උතුරු මැද, මධ්‍යම , ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75කට වැඩි වැසි ඇතිවිය හැකි බවයි.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.