දුම්රිය රියැදුරන් අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

දුම්රිය රියැදුරන් අද(17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

by Staff writer 17-02-2026 | 6:43 PM

COLOLMO(News1st) - දුම්රිය රියැදුරන් අද(17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් දිමුතු එදිරිසිංහ පැවසුවේ, රියැදුරු පුහුණුවට තරග විභාගයෙන් තෝරාගත් පිරිසට අමතරව ආරක්ෂක අංශ සමාජිකයින් පිරිසක් ද ​බඳවා ගැනීමට විරෝධය පළ කරමින් එම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.