වනිඳු යළි සංචිතයට ගැනීම පිළිබඳව අවධානය

වනිඳු හසරංග යළි ශ්‍රී ලංකා සංචිතයට එක් කර ගැනීම පිළිබඳව අවධානය

by Staff writer 18-02-2026 | 2:17 PM

COLOMBO(News1st) - 20/20 ලෝක කුසලානයේදී ආබාධයට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

කෙසේ නමුත් වනිඳු හසරංග නැවත සංචිතයට ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳවද කණ්ඩායම් කළමණාකාරීත්වය සලකා බලන බවද වාර්තාවනවා.

වනිඳුගේ ආබාධයෙන් ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති වුවද, ඉදිරි තරග සඳහා ඔහුගේ යෝග්‍යතාවය පිළිබඳව කණ්ඩායම් කළමණාකාරීත්වය, වෛද්‍ය කණ්ඩායම් සලකා බැලීමට නියමිතවනවා.

වාර්තාවන්නේ මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති බැවින්, මතීෂ වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා කවුරුන්ද යන තීරණය නිශ්චිතවම සුපිරි 8 දෙනාගේ වටයේ ලබන ඉරිදා පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයෙන් අනතුරුව ගැනීමට බලාපොරොත්තු වන බවයි.