.webp)
-610594-610661.jpg)
ඒ, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ විවිධ ආපදාවලින් පීඩාවට පත් ජනතාව නගා සිටුවීම සඳහා ගම්මැද්ද Care & Dare වැඩසටහන සකස් කෙරිණ.
ඒ, ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා සංවිධානයක් වන ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වයද ලබා ගනිමින්.
ගම්මැද්ද Care & Dare පළමුවැන්න කොත්මලේදීත්, දෙවැන්න පස්සර ,මඩොල්සිම සහ වැලිමඩ ප්‍රදේවලදීත් තුන්වැනි අදියර නිල්දණ්ඩාහින්න සහ ගම්පොලදීත් අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා.
අද වැඩසටහනෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ අඹන්ගඟ කොරලය ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසවල ජනතාවට සේවා සැපයෙයි. .
ඒ රත්තොට ශ්‍රී කුමරන් ප්‍රාථමික විද්‍යාලයේදීයි.
වෛද්‍ය සේවා, උපදේශන සේවා, නීති සේවා ලබා දීම මෙන්ම, සහනාධාර පිරිනැමීමද Care & Dare වැඩසටහනෙන් සිදුවන අතර ආදායම් මාර්ග අහිමි වූ සහ ස්වයං රැකියා අහිමි වූ ජනතාවට මාර්ගෝපදේශනද ක්‍රියාත්මක කෙරෙයි.
ආපදාවෙන් අස්ථානගත වූ උප්පැන්න ඇතුළු වැදගත් ලිපි ලේඛන ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද Care & Dare වැඩසටහන සමග සම්බන්ධ වනු ඇති.
ගර්භණී මාතාවන් සහ අඩු වයස් දරුවන් වෙනුවෙන් විශේෂ සේවා ලබා දීමටත්, ආපදාවට ලක්වූවන්ට වියළි සලාක ලබා දීම, ගෘහෝපකරණ ලබා දීම සහ සනීපාරක්ෂක පැකේජ ලබා දීමද තවත් සේවා කිහිපයක්.
ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය , ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙහිදී ගම්මැද්ද සමග අත්වැල් බැඳගෙන සිටිනවා.
ගම්මැද්ද Care & Dare වැඩසටහනේ මෙම අදියර අවසන් වන විට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි අවධානමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් ආවරණය කර අවසන් වෙයි.
