.webp)

ඒ , මහවැලි ගගෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් ය.
මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා පිවිසුම් මර්ග ප්‍රදේශයද සෝමාවතී විහාරය අවට ප්‍රදේශයද සුළු ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතියි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැණුම් දෙන්නේ ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය පසුවන තෙක් පුදබිමට පැමිණෙන බැතිමතුන් ඒ පිළිබද සැළකිළිමත් වන ලෙසයි.
එම ප්‍රදේශවල මහවැලි ගගට ආසන්නව පදිංචි ජනතාවද ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කලු ගග, නිල්වලා ගග හා මහවැලි ගග ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.
ඒ අනුව කලු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද, නිල්වලා ගඟ ඌරාව ප්‍රදේශයෙන්ද, මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන්ද අවදානම් මට්ටමේ පවතියි.
මේ අතර මහනුවර, කෑගල්ල, මාතලේ හා රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට නායයාම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
අධික වැසි සමග මහනුවර ප්‍රදේශයේ මාර්ග කිහිපයක ගමණාගමනයට බාධා එල්ල වී තිබේ.
පොලීසිය පැවසුවේ , කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.
ඒ එම ප්‍රදේශයට පවතින වැසි තත්ත්වය හේතුවෙන් ය.
මේ අතර ගල් පෙරළීම හා ජල ගැලීම් හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දමා තිබේ.
