දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි..

by Staff writer 22-02-2026 | 8:00 AM

COLOMBO (News 1st) - 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

ඒ මෙරට ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ය.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.