.webp)
-610914.jpg)
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ වෙනත් පෞද්ගලික ආයතන වෙත දුරකථන ඇමතුම් දී වංචනික ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එලෙස දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් විවිධ උත්සව සඳහා ආහාර ද්‍රව්‍ය හා මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු අණාවරණ වී ඇති බව පොලිසිය සඳහන් කරන ලදි.
එවැනි පුද්ගලයින් හා කණ්ඩායම්වල එම වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසද පොලීසිය ජනතාවට දැනුම් දෙනු ලබයි.
එම කණ්ඩායම් හා පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 15 15 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනු ලබයි.
