.webp)
-610950.jpg)
COLOMBO (News 1st) - සම්පත් මනම්පේරි නැමැත්තා ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අද නියෝග කළේ ය.
ඒ දින 90 ක රැඳවුම් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාස භාරයේ සිටි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් කළ බව එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනයකදී සම්පත් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට පත් වුණේ ය.
එහි රසපරීක්ෂක වාර්තා මේ වන විට ලැබී ඇති බවත් එම වාර්තාවලට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 19ක් එහි තීබී සොයා ගත් බවත් පොලීසිය පවසන ලදි.
මෙම සිද්ධියට අදාළව දැනට රැඳවුම් භාරයේ සිටින තැඹිලි ලහිරු හා බැකෝ සමන් යන සංවිධානාත්මක අපරාධකරුවන් ද පොලීසිය අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එහිදි විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදි සැකකරුවන් ලෙස නම් කරන බවය.
තැඹිලි ලහිරු නැමැත්තාට මිද්දෙණිය පොලීසිය විසින් ගොනු කළ නඩු 13 ක් හා වීරකැටිිය පොලිසිය ගොනු කළ නඩු 06 ක් අද දිනයේදි වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවන ලදි.
එම නඩු මාර්තු 11 වැනිදා දක්වා කල් තැබුවේ ය.
මෙම සිද්ධියට අදාළව කෙහෙල්බද්දර පත්මේ හා පානදුර නිලංග යන සංවිධානාත්මක අපරාධකරුවන්ද ඉදිරියේදි අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
