දිස්ත්‍රික් 13ක නිවාස ආධාර බෙදා දීම අද..

ජාතික නිවාස වැඩසටහනේ දිස්ත්‍රික් 13ක නිවාස ආධාර බෙදා දීම අද..

by Staff writer 25-02-2026 | 7:22 AM

COLOMBO (News 1st) - ජාතික නිවාස වැඩසටහනේ දිස්ත්‍රික් 13 ක නිවාස ආධාර බෙදා දීම අද ආරම්භ වෙයි.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මේ යටතේ නිවාස 1500ක් ඉදිකිරීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවයි.

ජාතික නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභින් වෙනුවෙන් මේ වසරේ නිවාස 10000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ ය.