බෙන්තර මුහුදේ ගිලී තරුණයෙකු මරුට..

බෙන්තර මුහුදේ ගිලී තරුණයෙකු මරුට..තවත් අයෙකු අතුරුදන්

by Staff writer 27-02-2026 | 12:53 PM

COLOMBO (News1st) - බෙන්තර මුහුදේ ගීලි තරුණයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබේ.

මුහුදේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් ඊයේ (26) පස්වරුවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ ය.

එලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙක්.

අතුරුදන් වූ 29 හැවිරිදි තරුණයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසන ලදි.