ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක නැවක් අද දිවයිනට

ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක නැවක් අද දිවයිනට

by Staff writer 28-02-2026 | 10:28 AM

COLOMBO(News1st) - ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට ලගාවීමට නියමිත බව ලාෆ්ස් සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිළධාරි නලින්ද කුරුකුළසුරිය පැවසුවේ, ගෑස් තොගය අද මධ්‍යම රාත්‍රියේ සිට බෙදාහැරිමට කටයුතු කරන බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළා.

එම ගෑස් තොගයත් අද(28) පෙරවරුවේ සිට බෙදා හැරිම් සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළ‍ඳපොළට මුදා හරින නිෂ්පාදන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1700ක්.