.webp)
-611232.jpg)
COLOMBO (News 1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ.
එහිදී ශ්‍රි ලාංකිකයෙකු ඇතුලු විදේශිකයින් 58 දෙනෙකුට සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කාර්යාංශය මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ ශ්‍රමිකයන්ට යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසය.
0094 704776008 යන වට්සප් අංකය හරහා පැය 24 පුරා කාර්යාංශය ඇමතීමට මෙන්ම තොරතුරු ලබා දීමටද හැකිය.
කාර්යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1989 හරහාද තොරතුරු දැනුම් දිය හැකි වේ.
කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, අදාළ තානාපති කාර්යාල වල උපදෙස් පිළිපදින ලෙසත් මැදපෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
මේ අතර එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.
ඒ අනුව විශ්වාසදායක දේශීය මාධ්‍ය හා සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කිරීම.
අත්‍යාවශ්‍ය නොවන සංචාර හා විශාල මහජන රැස්වීම් වලට සහභාගී වීමෙන් වැළකීම.
ළගම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්වීම.
ජංගම දුරකථන අරෝපනය කර තබා ගැනීම
සෑම විටම වලංගු හැදුනුම්පත් හා ලේඛන රැගෙන යාමෙ යන උපදෙස් ඒ අතර පවතී.
මේ අතර ශ්‍රී ලංකාවේ ඥාතීන් සිදු කරනු ලබන විමසීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයද ක්‍රියාත්මකය.
එම අංකය 0742595546
