.webp)

මෙරට සන්නිවේදන ක්ෂේත්රයට නව පණක් ලබා දෙමින් සිරස ගුවන් විදුලිය ආරම්භ කෙරුණේ 1994 වසරේ මාර්තු 02 වැනිදායි.
1995 වසරේ ජනවාරි 24 වැනි දින සිට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්රථම සිංහල ගුවන් විදුලිය ලෙසින් සිරස FM ගුවන් විදුලි නාලිකාව සටහන් කළේ, නොමැකෙන සංධිස්ථානයකි.
රූපවාහිනිය වටා එක්ව සිටි පිරිස යළි ගුවන් විදුලිය දෙසට යොමු කළ හැරවුම් ලක්ෂ්ය වූයේ ද සිරස FM ගුවන් විදුලියයි.
මෙරට ගුවන් විදුලි ක්ෂේත්රයට නව ආරක වැඩසටහන් හඳුන්වා දීමෙන් නොනැවතුණු සිරස FM එළිමහන් ප්රසංග කලාව ගුවන්විදුලිකරණයට ලක් කළේ ය.
අපේ කම හඳුනන සිරස FMහී ප්රවර්ධන වැඩසටහන් තුළින් නිරතුරුව ප්රතිලාභ අත්කර දුන්නේ පොදු ශ්රාවක ජනතාවටයි.
සිරස FM ආරම්භක වැඩසටහන්වන සූරිය සිරස, දහසක් මල් සහ ලොවින් කැදැල්ල අදටත් ඔබට සමීප වන්නේ හරවත් සහ අලුත් රසයක් දනවමින් ය.
එමෙන්ම ආගමික වැඩසටහන් සඳහා නිරතුරුව හිමිවන්නේ ප්රමුඛස්ථානයක්.
මෙරට සංගීත කලාව ඔප්නැංවීමෙහිලා සිරස FM එම් හි දායකත්වය ප්රශංසනීයයි.
තව තවත් ශ්රාවකයින් සිරස FM වෙත ලංවීමේ ඵලය වූයේ අවස්ථා රැසකදී එය සම්මානයට පාත්රවීමෙන් අංක එකේ රඳවා තැබීමයි.
