මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල පිරූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

by Staff writer 02-03-2026 | 5:50 AM

COLOMBO (News 1st) - සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කර ගෙන සුද්ධෝදන රජුගේ ආරාධනයට අනුව බුදුරජාණන් වහන්සේ ස්වකීය ඡන්ම භුමිය වූ කිඹුල්වත්පුරට වැඩම කළේ අද වැනි දිනයකදීය.

ශාක්‍යවංශකයින්ගේ මානය බිඳ හෙලීම, යශෝධරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත් රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගතවීමත් සිදුවුයේ අද වැනි මැදින් පුරපසළොස්වක දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

මවුපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය පැනවෙන්නේද මැදින් පෝය මුල් කරගෙනය.

‍කාන්තාවන් පළමු වරට බුදු සසුනේ පැවිදි වීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීමද මෙදින සිදුවූ වැදගත් සිදුවීම් අතරට එක්වේ.